තිරු නඩේෂන් අද අල්ලස් කොමිසමට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

තිරු නඩේෂන් අද අල්ලස් කොමිසමට

තිරු නඩේෂන් අද අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවේ අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බවයි.

 

පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළේය.

 

අල්ලස් කොමිසම විසින් සිදුකරන එම විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

views

712 Views

Comments

arrow-up