සහල් මිල පාලනය අසාර්ථක බව ආණ්ඩුවම පිළිගනී

සහල් මිල පාලනය කිරීම සහ විශාල සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිදීම අසාර්ථක වූ බව ආණ්ඩුවම මේ වන විට පිළිගෙන ඇත.
සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව ජල සම්පත් හා ජලප් රවාහන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
සහල් සඳහා උපරිම මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යළි අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ සිදුවුණා.
ගොවීන් ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති පවසන්නේ සහල් සඳහා මේ දක්වා ගැසට් පත්‍ර 10 ක් පමණ නිකුත් කර අවලංගු කර ඇති බවයි.
713 Views
Comments