හැකි ඉක්මනින් පාසල් විවෘත කරන්න

මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.
ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව පහළ පන්තිහි දරුවන් මාර්ගයෙන් රෝගය බෝවීම අවම මට්ටමක පවතින බවත් පාසල් මගින් රෝගය බෝවීම ආපනශාලා සහ අනෙකුත් ආයතන සමග සැසඳීමේදී අවම තත්ත්වයක පවතින බවත් අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙනවා.
දරුවන්ගේ මානසික සහ කායික සුරක්ෂිතභාවය සඳහා පාසල් යාමේ වැදගත්කම ජාත්‍යන්තර ආයතන සිය සමීක්ෂණ මගින් පෙන්නුම් කර ඇති හෙයින් ඒ පිළිබඳව සලකා පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍ය බව පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නා.
819 Views
Comments