SEP
17
මුදල් ජාවාරමක නිරතවූ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙක් සී.අයි.ඩී අත්අඩංගුවට

ත්‍යාග ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අද අලුයම මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ දෙහිවල ප්‍රදේශයේදීය.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් විවිධ පුද්ගලයින් සමඟ මිතුරුවී මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, ක්‍රෙඩිට් කාඩ්පත් විසි එකක්, බැංකු ගිණුම් පොත් හතක්ද ඔවුන් සතුව තිබී සොයා ගැනුණි.
768 Views
Comments