සෞඛ්‍ය අංශ නිවේදනය කළ භයානකම අනාවරණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

සෞඛ්‍ය අංශ නිවේදනය කළ භයානකම අනාවරණය

සෞඛ්‍ය අංශ නිවේදනය කළ භයානකම අනාවරණය

විවිධ SARS-CoV-2 (කොවිඩ්) ප්‍රභේද වල ව්‍යාප්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල පරීක්‍ෂා කිරීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් සොයා ගත් පරිදි, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදන වලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු බව එම පර්යේෂකයින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

 

COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් වේ.

 

 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය , වෛද්‍ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළි වී ඇති අතර විවිධ පළාත්වල ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා බවත් මෙහිදී හෙළි වී ඇත.

 

එමෙන්ම මෙහිදී හමුවී ඇත්තේ ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේද පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

views

985 Views

Comments

arrow-up