පරිප්පු කිලෝ දෙකක් නොදුන් නිසා පොහොට්ටු මන්ත්‍රී සතොස කළමනාකරුට පහර දීලා (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

පරිප්පු කිලෝ දෙකක් නොදුන් නිසා පොහොට්ටු මන්ත්‍රී සතොස කළමනාකරුට පහර දීලා (VIDEO)

පරිප්පු කිලෝ දෙකක් නොදුන් නිසා පොහොට්ටු මන්ත්‍රී සතොස කළමනාකරුට පහර දීලා (VIDEO)

හැටන් දික්ඔය නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු තමන්ට පහර දුන් බවට හැටන් සතොස ශාඛාවේ කළමනාකරු පැමිණිල්ලක් කර තිබෙනවා.

 

මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සතොස වෙළෙඳ සැලට පැමිණ පරිප්පු කිලෝ ග්‍රෑම් දෙකක් ඉල්ලා ඇති නමුත් එහි සේවකයන් ප්‍රකාශ කර ඇත්තේ ලබාදිය හැක්කේ එක් පරිප්පු කිලෝවක් පමණක් බවයි.

 

මේ හේතුවෙන් ආවේගශීලීව හැසිරුණු පොහොට්ටු මන්ත්‍රී එහි සේවකයන්ට ද බැන වැදී කළමනාකරුටද පහර දී ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

 

 

views

1483 Views

Comments

arrow-up