අධිවේගී මාර්ගය ඉදි කිරීමට බාධාවක් වූ කෲඩියා සෙලනිකා රතු දත්ත පොතෙන් ඉවත් කරයි

පසුගිය කාලයේ කඩවත මීරිගම අධිවේගී මාර්ගයක ඉදිකරන ස්ථානයක තිබී මහත් ආන්දෝලනයකට තුඩු දුන් පණු කරඳ නොහොත් කෲඩියා සෙලනිකා ශාකය මෙරටින් වඳව ගිය ශාකයක් නොවන බවට අද නිකුත් කළ නවතම රතු දත්ත ලේඛනයෙන් තහවුරු වී තිබෙනවා.
මෙරට ශාක සහ මිරිදිය මත්ස්‍යයින් පිළිබඳව නවතම රතු දත්ත ලයිස්තුව පරිසර අමාත්‍යංශයේදී එළිදැක්වුණා. මෙම ලයිස්තුව අවසාන වරට අලුත් කර ඇත්තේ 2012 වර්ෂයේදීය. එවකට ඇතුලත් කර නොතිබුණු ශාක 64ක් නව රතු දත්ත ලේඛනයට ඇතුළත් කර තිබේ.
2012 ලේඛනය තුළින් වඳ වී ගිය බවට සලකා තිබූ ශාක වර්ග 3ක්ම සංරක්ෂණය වී ඇති බව නව වාර්තාවෙන් තහවුරු කර තිබේ.
එලෙස තහවුරු කෙරුණු ශාක අතරට කෲඩියා සෙලනිකා ශාකයද ඇතුළත් වේ.
ඒ අනුව පණු කරඳ නොහොත් කෲඩියා සෙලනිකා තවදුරටත් රතු දත්ත ලේඛනයට අයත් ශාකයක් නොවේ.
2898 Views
Comments