පිරිමි සිසුන් 4 දෙනෙකු අපයෝජනය කල විදුහල්පති හිමිට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

පිරිමි සිසුන් 4 දෙනෙකු අපයෝජනය කල විදුහල්පති හිමිට ඇප

පිරිමි සිසුන් 4 දෙනෙකු අපයෝජනය කල විදුහල්පති හිමිට ඇප

තමා විදුහල්පති ධුරය දරන පාසලේ පිරිමි දරුවන්  සිව් දෙනෙකුට අතවර කිරීම සහ තවත් දරුවන් පිරිසක් අපයෝජනයට නැඹුරු කරගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි චීවරධාරියාට  හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.

 

සැකකරුවන් මුදාහැරුනේ රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප දෙකක් සමග වන අතර දුරකථනයෙන් හෝ වෙනත් ඕනෑම මාර්ගයකින් අනෙක් පාර්ශ්වයන්ට බලපෑම් නොකරන ලෙස තරයේ අවවාද කර තිබුණා.

 

මෙම චීවරධාරියා විදුහල්පති ධූරය දරා ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලකය.

 

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන ඇති අතර ඔහුට නැවතත් එළඹෙන නොවැම්බර් 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

views

752 Views

Comments

arrow-up