ලක්ෂ දෙසීයක පිළිම සොරකමක් - ස්වාමීන් වහන්සේ දෙනමක් සහ හෝටල් හිමිකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ලක්ෂ දෙසීයක පිළිම සොරකමක් - ස්වාමීන් වහන්සේ දෙනමක් සහ හෝටල් හිමිකරුවෙක් අත්අඩංගුවට

ලක්ෂ දෙසීයක පිළිම සොරකමක් - ස්වාමීන් වහන්සේ දෙනමක් සහ හෝටල් හිමිකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් විසින් මෙලෙස සොරකම් කර තිබුණේ කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ ලෝහමය බුදුපිළිමයකි. 

 

මාවනැල්ල දෙවනගල ඓතිහාසික රජමහා විහාරස්ථානයට අයත් කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් කිසියම් පිරිසක් සොරකම් කර ඇති බවට දෙවනගල රජමහා විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි විසින් පසුගියදා මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

 

ඒ අනුව සබරගමුව පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් සොරකම පිළිබඳ විමර්ශන කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරනු ලැබීය.

 

අනතුරුව කළ විමර්ශනයේදී සොරකමට සැකපිට කිඹුල්විලවත්ත දොම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක 28 හැවිරිදි හිමිනමක්, මහනුවර මහයියාව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සහ පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

එහිදී අනාවරණ වී ඇත්තේ දොම්පේ විහාරස්ථානයේ හිමිනමගේ සැලසුමක් අනුව සොරකම සිදුකර ඇති බවය.

 

සොරකම සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

155 Views

Comments

arrow-up