බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදුන් මන්ත්‍රී අර්චුනාට වරෙන්තු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදුන් මන්ත්‍රී අර්චුනාට වරෙන්තු

බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදුන් මන්ත්‍රී අර්චුනාට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. 

 

ඒ ඔහු විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් අද කැඳවු අවස්ථාවේදී ය.

 

පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් යොමුවිය.

 

එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) ආරම්භ වූ වැඩසටහනක් අතරතුරදී ඔහු සිය කනගාටුව ප්‍රකාශ කළේය.

views

151 Views

Comments

arrow-up