හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට මි.මී.200 ඉක්මවූ තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට මි.මී.200 ඉක්මවූ තද වැසි

හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට මි.මී.200 ඉක්මවූ තද වැසි

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි සඳහන් වන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවය. 

 

මෙම පද්ධතිය අද (26) දින පෙරවරු 11.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

views

168 Views

Comments

arrow-up