සුඛෝපභෝගී තෙමහල් නිවසෙන් මතුවූ මත්පැළ තවාන

ඈෂ් සහ කුෂ් යන මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
එක් සැකකරුවෙකු සතුව තිබූ ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී තට්ටු තුනකින් සමන්විත සුඛෝපභෝගී නිවසක උඩු මහලේ කුෂ් පැළ තවානක් පවත්වාගෙන යන බවට තොරතුරු හෙළිව තිබේ.
ඒ අනුව එම කුෂ් පැළ 33ක් වගාකළ අනෙක් සැකකරුද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම පැළ විකුණුවේ නම් රුපියල් කෝටි 03ක පමණ ආදායමක් ලබාගත හැකි බවද පොලීසිය පැවසීය.
සැකකරුවන් 35 සහ 43 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ(26) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
734 Views
Comments