බන්ධනාගාර නිලධාරී තාත්තයි පුතයි දැලි පිහියෙන් කැපුවේ මුත්‍රා ප්‍රශ්නෙකට

පසුගියදා දැලි පිහියකින් කපා තුවාල සිදු කල බන්ධනාගාර නිලධාරී වරයාගේ සහ ඔහුගේ පුතුගේ සිද්ධිය සම්බන්ධයෙන් නවතම කරුණු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.
නිවස අසල මුත්‍රා කිරීමේ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බන්ධනාගාරනිලධාරි වරයා සිය සේවය අවසන් කර නිවසට පැමිණෙන අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් සිය නිවස ඉදිරිපිට මුත්‍රා කරමින් සිට තිබෙනවා. නිලධාරියා විසින් ඒ පිළිබඳ ඔහුගෙන් විමසීමේදී යම් බහින් බස් වීමක් ඇති වී තිබෙනවා.
පසුව එම පුද්ගලයා විසින් තම මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඔහු වෑන් රථයකින් පැමිණ සිය මිතුරා සමග බන්ධනාගාර නිලධාරි වරයා සහ ඔහුගේ පුතු දැලි පිහියකින් කපා තිබෙනවා.
බරපතල කැපුම් තුවාල ලද බන්ධනාගාර නිලධාරී වරයා සහ ඔහුගේ පුතු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි.
1083 Views
Comments