බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ මි.මි 100 ඉක්මවූ ගිගුරුම් සහිත තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ මි.මි 100 ඉක්මවූ ගිගුරුම් සහිත තද වැසි

බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ මි.මි 100 ඉක්මවූ ගිගුරුම් සහිත තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල  තැනින් තැන විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


 
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ. මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) පමණ දක්වා වැඩි විය හැක. 

 

මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට  තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

741 Views

Comments

arrow-up