පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600ක් ගින්නකින් විනාශයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600ක් ගින්නකින් විනාශයි

පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600ක් ගින්නකින් විනාශයි

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ(18) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය කියයි.

 

අක්කර 600ක් පමණ ඊයේ දහවල් කාලය වන විට ගින්නෙන් විනාශවි ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සඳහා මෙසේ රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

 

මෙසේ ගිනිගැනීමට ලක්වූ ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර ගෝනුන්, මුවන් සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන අතර ලංකාවට පමණක් ආවේනික දුර්ලභ ශාක වර්ග ගණනාවන් ඇතැයි පරිසරවේදියෝ පෙන්වා දෙති.

 

මේ සම්බන්ධව මඩෝල්සිම පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

views

741 Views

Comments

arrow-up