එන්නත්දීමේ ජංගම සේවය යුද හමුදාව අරඹයි

බස්නාහිර පළාත තුල කොරෝනා මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද(12) සිට ආරම්භ කරනු ලැබිණි.
එම එන්නත්කරණ වැඩසටහන සඳහා විශේෂ ජංගම රථ 10ක් සමඟ යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටියි.
ජංගම එන්නත්කරණ පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචිවීමෙන් එම පහසුකම ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මේ අතර යුද හමුදාව විසින් කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවලද එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට නියමිතයි.
877 Views
Comments