ගෑස් සමාගම්වල ගෑස් බස්සන්න අලුත් ගෑස් එකක් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ගෑස් සමාගම්වල ගෑස් බස්සන්න අලුත් ගෑස් එකක් එයි

ගෑස් සමාගම්වල ගෑස් බස්සන්න අලුත් ගෑස් එකක් එයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භකර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට කැබිනට් මණ්ඩලය බලය පවරා තිබේ.

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට නිෂ්පාදනය කරන එල්.පී. ගෑස් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් 5% ක පමණ ප්‍රමාණය ලිට්‍රෝ සහ සහ ලාෆ් ගෑස් සමාගම්වලට ලබාදෙන අතර ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භකොට තිබේ.

 

ඔය ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරඟකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

views

1044 Views

Comments

arrow-up