අමුතු ක්‍රමයකට මුදල් ගැරූ කාන්තාවක් ඇතුළු 2ක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

අමුතු ක්‍රමයකට මුදල් ගැරූ කාන්තාවක් ඇතුළු 2ක් දැලේ

අමුතු ක්‍රමයකට මුදල් ගැරූ කාන්තාවක් ඇතුළු 2ක් දැලේ

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කොට පුද්ගලයන්ට රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අලු‍තින් ඉදිකෙරුණු මැනිං වෙළෙඳපළේ කඩ කාමර ලබාදෙන බවත්, අමාත්‍යාංශය යටතේ ඇති නිවාඩු නිකේතන සහ තානායම් වෙන් කර දෙන බවත්, කැනඩාවේ රැකියා ලබාදෙන බවත් පවසමින් මොවුන් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචාකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

 

ඔවුන්ගේ සන්තකයේ තිබී විවිධ පුද්ගලයන්ගේ ගමන් බලපත්‍ර 98 ක් සහ රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

 

සැකකරුවන් ඉහත කී අමාත්‍යාංශ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි සකස් කර වත්තල ජා ඇල සහ අවට ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර තිබේ.

 

අත්අඩංගුවටගත් සැකකාරිය ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් පවසයි.

views

1037 Views

Comments

arrow-up