මෙරට තෙල් අළෙවියට අවතීර්ණ වූ ලෝක බලවතා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

මෙරට තෙල් අළෙවියට අවතීර්ණ වූ ලෝක බලවතා

මෙරට තෙල් අළෙවියට අවතීර්ණ වූ ලෝක බලවතා

ඇමරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ශෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට එක්වීම සදහා වන ගිවිසුම්ගත වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර සිදු විය.

 

 

ශෙල් වෙළද සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු මෙරට ඉන්ධන වෙළඳපොළට එකතු වන හතරවන සමාගමද වේ.

 

 

මෙම ගිවිසුමට අනුව වසර විස්සක කාලයක් සදහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ.  එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇත.  

 

 

ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර , ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙලදසල් වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග ඔවුන් මෙරට ඉන්ධන වෙළඳපොළ නව තලයකට එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

views

183 Views

Comments

arrow-up