හිතාගන්නවත් බැරි පවුල්වල තරුණියන් ගණිකා වෘත්තියේ

මෙරට පවතින ආර්ථික අර්බුදය මත හිතාගන්න බැරි පවුල්වල තරුණියන් ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි’
219 Views
Comments