විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

අභාවප්‍රාප්ත ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස 17 වනදා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත විය.

 

මියයන විට නීලා වික්‍රමසිංහ මහත්මිය 71 වන වියේ පසුවූවාය.

 

ගුවන් මගින් දේහය ඊයේ (27) රාත්‍රි 8.05ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

 

ඒ අනුව දේහය භාරගැනීම සඳහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

views

612 Views

Comments

arrow-up