බන්ධනාගාර සහ අධිකරණ අමාත්‍යංශ වලින් ජංගම සේවාවක්

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වලින් සිදු කරන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම සේවාව මුළු දිවයින ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.
මෙම වැඩසටහන උතුරු පළාත මූලික කරගනිමින් ජනවාරි 28 වනදා ආරම්භ වීමට නියමිත අතර එහිදී පොදු ජනතාවට බලපාන නීති සහ සංහිඳියාව පිළිබඳව ජනතාවට ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ද මේ හරහා පහසුකම් සපයන අතර රැකියා ලබා ගැනීම පිළිබඳව ද මෙමඟින් දැනුවත් කෙරෙනවා.
785 Views
Comments