ළමුන් අතර කොරෝනා ආසාදිතයින් වැඩිවීමක් ?

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟම කොවිඩ් 19 ආසාදිත ළමුන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේද ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඇය කියා සිටියාය.
“ගැබිනි මව්වරු එන්නත් කරලා දැනට සියයට 95කට වඩා වැඩි ආවරණයක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව අපි දකිනවා ගර්භනි මව්වරු කොවිඩ් වැළදීලා රෝහල්ගත වීමේ යම් අඩුවක්. ඒක හොඳ තත්ත්වයක්.
නමුත් පසුගිය දවස් දෙක තුනක ඉඳලා නැවතත් ආසාදිතයින් වැඩිවීමකුත් අපි දැක්කා. මට හිතෙනවා අපි රිලැක්ස් කළා වැඩිද?
එම නිසා රෝගය නැවත පැතිරීමක් වෙන්න පුළුවන්ද කියන එක.
ඒ අතර පාසල් ආරම්භවීමත් එක්ක අපි දක්නවා පාසල් දරුවන් අතරත් වාර්තා වෙච්ච පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා.
පසුගිය සතිය ඇතුළත වගේ. ඒක මම හිතන්නේ ගොඩක්වෙලාවට අපේ දෙමාපියන් සංචරණ සීමා ඉවත්වෙලා තියෙනවා පළාත් අතර සංචරණය වැඩි වෙලා තියෙනවා.
ඒකත් එක්ක මේ කුඩා දරුවන් අරගෙන තැන තැන යන එක යම් තරමක් සීමා කරොත් හොඳයි.”
698 Views
Comments