විජයග්‍රාහී සැමරුමට ජනපති අනුර එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

විජයග්‍රාහී සැමරුමට ජනපති අනුර එයි

විජයග්‍රාහී සැමරුමට ජනපති අනුර එයි

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” අද(19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

එම විජයග්‍රහණයේ සැමරුමේ ජාතික උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

 

එහෙත් පසුගියදා මෙම ජාතික උත්සවය සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මාධ්‍ය සාකච්ඡාවේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ද පැවසුවේ ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඒ සඳහා මෙවර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වනු ඇතිබවයි.

 

එහෙත් මේ වන විට “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

 

එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වේ .

views

145 Views

Comments

arrow-up