ශ්‍රී ලංකාව ආර්ථිකයට වගේම මානව හිමිකම්වලටත් ප්‍රමුඛතාවය දෙනවා. විදේශ කටයුතු ඇමති ජිනීවාවලදී පවසයි

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ද එවැනිම ප්‍රමුඛතාවක් ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.
මෑතකදී රජය සිදුකළ වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සුරැකීම සඳහා මෙරට රජයේ තිබෙන කැපවීම පිළිබිඹු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරය අමතමිනි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසක් ජිනිවා නුවරට ගොස් තිබේ.
279 Views
Comments