AUG
07
රන් මිල ලොකු ගණනකින් පහළට - පවුමක මිල මෙන්න

අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 730,319ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 7,679ක අඩුවීමක්.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙසයි සඳහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 206,100ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 189,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,400ක් ලෙසත් සඳහන් වෙනවා.
249 Views
Comments