උද්ධමනය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මස උද්ධමනය සියයට 1.7 ක්ව පැවැති බවත් ඒ අනුව මෙම මස තුළ උද්ධමනය සියයට 0.7 කින් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව කීය.

 

පසුගිය ජූනි මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4 ක් ලෙස වාර්තා වූ බව කියන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මස සියයට  2.8 ක පැවැති අතර ජූනි මාසයේ එය සියයට 1.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි. 

views

200 Views

Comments

arrow-up