පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනයට සූදානම්

පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යෝජිත සංශෝධන අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් වේ.
එමෙන්ම පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
266 Views
Comments