කාන්තා ව්‍යවසායකයින් පිරිසකට කාන්තා දිනයේදී අත හිත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

කාන්තා ව්‍යවසායකයින් පිරිසකට කාන්තා දිනයේදී අත හිත

කාන්තා ව්‍යවසායකයින් පිරිසකට කාන්තා දිනයේදී අත හිත

ශක්තිමත් ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම වෙනුවෙන් කාන්තා ව්‍යවසායකයින් ලෙස ආර්ථිකයට කරනු ලබන දායකත්වය ඇගයීම හා ඔවුන්ගේ  ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දින  සැමරුමට සමගාමීව  කර්මාන්ත අමාත්‍යාංශය විසින් කාන්තා ව්‍යවසායකයින් දහ දෙනකු වෙත රුපියල් මිලියන 171 ක ණය පහසුකම් ලබාදීම කර්මාන්තය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් ඩී නන්දනී සමරවික්‍රම, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. එම්. රිස්වි, ව්‍යාපෘති මූල්‍ය නිලධාරි එච්. එස්. ප්‍රනාන්දු  ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

 

කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් චක්‍රීය ණය යෝජනා ක්‍රමයක්  ක්‍රියාත්මක කරනු ලබන අතර  මෙය කුඩා හා සුළු පරිමාණ  කර්මාන්තයන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් (smile 3) ලෙසින් ක්‍රියාත්මක වේ. මෙමගින් වාර්ෂික පොළී අනුපාතය 8% ක හා 5% ක අඩු පොලී අනුපාතිකයක් යටතේ එක් අයෙකුට රුපියල් මිලියන 25 ක උපරිමයක් දක්වා ණය පහසුකම් ලබා දීම සිදු කරයි.

 

රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය, විදෙස් ශ්‍රමික, ඇඟලුම් අංශය වැනි අංශයන් තුල කාන්තා දායකත්වය ඉතා වැඩි අගයක් ගෙන ඇත. එම නිසා මෙවැනි ණය යෝජනා ක්‍රමය කාන්තා ව්‍යවසායකයින් උදෙසා  විශාල අත්වැලක් වේ.

 

views

188 Views

Comments

arrow-up