උඩුදුම්බර මාර්ගයේ අනතුරකින් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

උඩුදුම්බර මඩුගල්ල මාර්ගයේ කළල්ගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් මීමුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු තුනක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දැරිය උඩුදුම්බර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
238 Views
Comments