දියඇල්ල අසල සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා ඇල්ලෙන් වැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

දියඇල්ල අසල සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා ඇල්ලෙන් වැටී මරුට

දියඇල්ල අසල සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා ඇල්ලෙන් වැටී මරුට

හල්දුම්මුල්ල, උඩවේරියවත්ත, සංවැලි වතුයාය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ තරුණයෙකු එම දියඇල්ලට ඇදවැටී මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වැලමිටියාව, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. 

 

ඔහු දිය ඇල්ල නැරඹීම සඳහා සිය මිතුරෙකු සමග පැමිණ ඇත.

 

එහිදී ඡායාරූපයක් ලබා ගැනීම උත්සහ කිරීමේදී ඔහු පය ලිස්සා ඇල්ලට ඇදවැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහළින් තිබු දියවළක තිබී තරුණයාගේ සිරුර සොයාගෙන තිබුණි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 

views

266 Views

Comments

arrow-up