පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසි අනතුරකින් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසි අනතුරකින් මියයයි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසි අනතුරකින් මියයයි

කිරිඳිවැල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසි අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.

රන් මාල කොල්ලකෑමේ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු පෙරේදා(26) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව කොල්ලකෑම් වල නිරත වූ තවත් පුද්ගලයකු සිටින ස්ථානයට සැකකරුව යතුරුපැදියකින් ගෙන යන අවස්ථාවේ දී සැකකරු විසින් යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියාගේ ගෙල සිරකර පළා යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

මිය ගිය සැකකරු 27 හැවිරිදි තරුණයෙක්.

views

223 Views

Comments

arrow-up