පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 25 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ලබන මස 20 වැනිදායින් පසු එය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බවය.
මේ වනවිට විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර එම කාලය ලබන මාර්තු 25 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ඒ අනුව දැනට පවතින ප්‍රතිපාදන මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් පවත්වා ඊට පෙර පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාපත් කර ගත යුතුවේ.
මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට නියමිත බවද සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.
253 Views
Comments