AUG
28
නාඳුනන මළසිරුරක් කළුතර උතුර වෙරළ තීරයට

නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කළුතර උතුර මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.
ඊයේ (27) පස්වරුවේ කළුතර උතුර කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මොහොත වෙරළේ තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන පුද්ගලයකු බවට සැක කෙරෙන අතර පුද්ගලයාගේ උස අඩි 05යි අඟල් 06ක් පමණ වේ.
මෙය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව කළුතර උතුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
248 Views
Comments