අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් සිසු සිසුවියන්ට විශේෂ නිවේදනයක්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, සිසු සිසුවියන් පාසලට කැඳවීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බව පෙර දන්වා තිබුණ ද, මෙම මස 14 වැනි දින සිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කෙරුණු බවයි.
එමෙන්ම පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.
542 Views
Comments