බැඳුම්කර නඩුවෙන් රවී, මහේන්ද්‍රන්, ඇලෝසියස් මුදා හැරේ

2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ (04) පස්වරුවේ මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි.
එහිදී මෙම නඩුව පොදු දේපළ පනත යටතේ පවරා තිබූ සියලු චෝදනාවෙන් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් , රවී කරුණානායක ඇතුළු තවත් 11 දෙනෙකු මෙලෙස අද දිනයේ දී අධිකරණ නියෝග මත මුදා හැරීමට පියවර ගැනුණා.
622 Views
Comments