FEB
26
පෑලියගොඩ එළවළුයි මිලයි දෙකම පහල බසී

ඉන්ධන අර්බුදය සමඟ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට එළවළු තොග ලැබීමේ විශාල අඩුවක් තිබෙන බවත්, එළවළු මිල ශීඝ‍්‍රයෙන් පහත බැස ඇති බවත් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ ලේකම් සමින්ද පීරිස් මහතා ඊයේ(25) පැවසුවේය.
වෙනත් දිනයන් වලට එළවළු තොග කිලෝ ලක්‍ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයක් මැනිං වෙළෙඳපොළට ලැබුණු බවත් මේ වනවිට දිනකට එළවළු තොග ලැබෙනුයේ ලක්‍ෂ 2ත් 3ත් අතර ප්‍රමාණයක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
731 Views
Comments