රුසියානු පෙම් යුවළ ගමන්ගත් යතුරුපැදිය වැල්ලවායේදී අනතුරක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

රුසියානු පෙම් යුවළ ගමන්ගත් යතුරුපැදිය වැල්ලවායේදී අනතුරක

රුසියානු පෙම් යුවළ ගමන්ගත් යතුරුපැදිය වැල්ලවායේදී අනතුරක

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ වෙහෙරයාය ගංගාරාමය අසලදී පසුගියදා සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික පෙම් යුවළක් සුළු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.

 

මෙම දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සිට හික්කඩුව බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියේ ගැටී තිබේ.

 

සිද්ධියෙන් බොලි ශෙව් එලේනා නමැති තරුණිය තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට අතුළත් කර තිබෙන අතර ඇගේ පෙම්වතා වන රොපෝකොබ් ගොෂ්කොව් යන අයට සුලු සීරිම් තුවාල පමණක් සිදුවී ඇත.

 

මෝටර් රථයේ රියැදුරු සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව යතුරුපැදිය අලූත්වැඩියා කිරීමට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට කටයුතු කිරීමෙන් අනතුරුව සිද්ධිය සමතයකට පත්ව තිබේ.

views

720 Views

Comments

arrow-up