සිරි නරඹන්න ගොස් දූවිලි ඇල්ලට බිලිවූ තරුණයාගේ මල සිරුර සොයාගනී

බළන්ගොඩ, කල්තොට දූවිලි ඇල්ල නැරඹීමට ගිය පිරිසක් අතරින් තරුණයෙකු පෙරේදා(16) දියඇල්ලෙන් පහළට වැටී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මොහු කහවත්ත, සමරකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අජිත් කුමාර නමැති 26 හැවිරිදි රියැදුරෙකු බව හඳුනාගෙන ඇත.
මොහුගේ මළසිරුර ඊයේ(17) දහවල් නාවික හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් පසු ගොඩගනූ ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බළන්ගොඩ මූලික රෝහලට යවා ඇති බව කල්තොට පොලිසිය පවසයි.
මේ පිළිබඳව කල්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
743 Views
Comments