“ඉන්ධන මිල වැඩි කරන්නේ පාවිච්චිය අඩු කරන්නයි” - සිපෙට්කෝ සභාපති

ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ ඉන්ධන භාවිතය අඩු කිරීම නමුත් එම අරමුණ ඉටු වී නැතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියයි.
එමනිසා ජනතාව ස්වයං ම ඉන්ධන භාවිතය අඩු කිරීම සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මෙලෙස කියා සිටියේය.
“ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ තමයි භාවිතය අඩු කරවීම. නමුත් පසුගිය වර මිල වැඩි කිරීමේදී ඒ අරමුණ ඉෂ්ට වී නෑ.
ඉන්ධන ලබාදීම පාලනය කරන්න ස්ථිර ක්‍රමවේදයක් අපට නෑ. ඉන්ධන භාවිතය අඩු කිරීම විසින්ම ස්වයංව සිදුවිය යුතුයි.
අපිට නීති දාලා ඉන්ධන භාවිතය අඩු කරන ක්‍රමවේදයක් සකස් කරන්න බෑ.
විදුලි බලය පාවිච්චි අවම කිරීමට ජනතාව දැනුවත් කිරීම හොඳ දෙයක්. ඒ හරහා වක්‍රව ඉන්ධන ඉතිරියකුත් සිදු වෙනවා.”
722 Views
Comments