“වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා සතියකට පාර්ලිමේන්තු ඇවිත් වාහන පර්මිට් එක කෝටි 06කට විකිණුවා” - ඇමැති රෝහිත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

“වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා සතියකට පාර්ලිමේන්තු ඇවිත් වාහන පර්මිට් එක කෝටි 06කට විකිණුවා” - ඇමැති රෝහිත

“වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා සතියකට පාර්ලිමේන්තු ඇවිත් වාහන පර්මිට් එක කෝටි 06කට විකිණුවා” - ඇමැති රෝහිත

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා ජාතික ලැයිස්තුවෙන් සතියකට පාර්ලිමේන්තුවට පැමිණ ලබාගත් තීරුබදු රහිත වාහන බලපත්‍රය වාහන සේල් එකකට රුපියල් කෝටි 06කට විකුණා ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා  ඊයේ(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

ඔහු දින 05ක් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවී ඇති අතර යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතගේ කරට අත දමා සිටි සමයේ ඔහුට තම ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වැටුප් විෂමතා ඇති බව කියා විසඳුම් ලබා ගැනීමට අමතක වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 

මේ වන විට ඔහු “රටට ආදරෙයි, ජනතාව දුක්විඳිනවා” කියා වර්ජනයේ නිරත වෙමින් අසරණ රෝගීන් මරණයට පත් කරන බවත්, මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එරෙහිව බය නැතිව තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

views

807 Views

Comments

arrow-up