මිතුරා සමඟ දඩයමේ ගිය සෙබළා වෙඩි වැදී මියයයි - ඝාතනයක් බවට සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

මිතුරා සමඟ දඩයමේ ගිය සෙබළා වෙඩි වැදී මියයයි - ඝාතනයක් බවට සැකයක්

මිතුරා සමඟ දඩයමේ ගිය සෙබළා වෙඩි වැදී මියයයි - ඝාතනයක් බවට සැකයක්

ඊයේ රාත්‍රියේ අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ දඩයමේ ගිය හමුදා සෙබලෙකු වෙඩි වැදී මිය යාමේ සිද්දිය සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි මියගිය අයගේ මිතුරා යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය පවසයි.

 

සිදුවීම මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

 

සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ 27 හැවිරිදි හමුදා සෙබළෙක් වන අතර මුවෙකු වටකර එල්ල කළ වෙඩි පහරකින් මෙම සිද්ධිය සිදු වූ බවට සැකකරු පොලිසියට ප්‍රකාශකොට ඇත.

views

774 Views

Comments

arrow-up