ඩොලර් හිඟය නිසා තෙල් ගෙන්වන්න විවෘත කල ටෙන්ඩරයට කිසිදු සැපයුම් කරුවෙක් ලංසු තබා නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඩොලර් හිඟය නිසා තෙල් ගෙන්වන්න විවෘත කල ටෙන්ඩරයට කිසිදු සැපයුම් කරුවෙක් ලංසු තබා නෑ

ඩොලර් හිඟය නිසා තෙල් ගෙන්වන්න විවෘත කල ටෙන්ඩරයට කිසිදු සැපයුම් කරුවෙක් ලංසු තබා නෑ

මෙරටට අවශ්‍යය බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් ගැන්වීම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විවෘත කළ ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු තබා නොමැති බව වාර්තා වේ.

 

සාමාන්‍යයෙන් මෙලෙස ටෙන්ඩරයක් විවෘත කළ පසු අවම වශයෙන්  තෙල් සැපයුම් කරන සමාගම් 3ක් වත් ලංසු ඉදිරිපත් කරන නමුත් මෙරට ඇති දැඩි ඩොලර් හිඟය නිසා මෙවර කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කර නොමැත.

 

මේ වන විට මෙරට ඇති දැඩි ඩොලර් හිගය ජාත්‍යන්තර සැපයුම්කරුවන් ද අවබෝධ කරගෙන තිබේ. මේ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපත් කළ ටෙන්ඩරය නැවතත් දින වෙනස්කර ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

කෙසේ වෙතත් මේ වන විට මෙරට සතුව සති 3කට සෑහෙන ඛනිජ තෙල් සංචිත ඇති හෙයින් මේ පිළිබඳව කලබල විය යුතු නොමැති  බවයි වාර්තා වන්නේ.

views

851 Views

Comments

arrow-up