JUL
22
මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මතුගම පොලිස් වසමේ කොස්ගහහේන ප්‍රදේශයේදී අවුරුදු 48ක් වු පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.
පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දීමෙන් ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ නාවිටිගල, මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
1876 Views
Comments