ඉන්දියාවෙනුත් දියර පොහොර ගෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ඉන්දියාවෙනුත් දියර පොහොර ගෙන්වයි

ඉන්දියාවෙනුත් දියර පොහොර ගෙන්වයි

අක්කර භාගයකට වැඩි භූමි ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

ඒ යටතේ ගොවීන් පිරිසකට කෘෂි උපකරණ ලබාදීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.

 

"ඉදිරි කාලේ අක්කර භාගෙට වැඩි ගොවීන් තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදනවා නම් අපි එක ගොවියෙකුට ලක්ෂ 3ක ආධාරයක් දෙනවා. විසිරුම් ජල පද්ධතිය, වතුර ටැංකි, ජල මෝටර් මේ සියල්ල අපි නොමිලේ ලබාදෙනවා. කෘෂිකර්මාන්තයට කැමති ඉඩම් තියන සියල්ලන්ට තාක්ෂණික දැනුම ලබාදීලා වෙ‍ළෙඳපොළ හදලා දීලා ඒ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න. අපි මූලික පියරවක් ලෙස තමයි කෘෂි උපකරණ කට්ටලයක් දෙන්නේ. තමන්ගේ ඉඩම හදාගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා ඒ  නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජාතික අවශ්‍යතාවය ඒ අවශ්‍ය දේ  සම්පූර්ණ කිරීම සඳහා මේ ගොවීන්ට ආධාර දෙන්න "

 

මේ අතර පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර් විසි දෙලක්ෂයක් පමණ ඉන්දියාවෙන් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

 

එහි පළමු පොහොර තොගය ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතය.

views

725 Views

Comments

arrow-up