තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා දසලක්ෂ අසූදහසක් දිවයිනට

ගුවන් තොටුපොළ කාර්‍යය භාර නිලධාරීවරයා පවසා සිටියේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 1080000ක්, බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද උදෑසන මෙරටට පැමිණ ඇත.
කිලෝග්‍රෑම් 19,952ක් බරැති පෙට්ටි 60ක් තුළ වියළි අයිස් යොදා අසුරා තිබූ මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් - 869 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද අලුයම 5.26ට කටුනායක ගුවන්තොටුපළට ලැබිණි.
එන්නත් තොගය ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට කටයුතු කර ඇත.
851 Views
Comments