මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉන්ධන කොල්ලකෑ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉන්ධන කොල්ලකෑ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉන්ධන කොල්ලකෑ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට

චීන සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට භාවිතා කරන වාහනවලින් දීර්ඝ කාලයක් තිස්සේ ඉන්ධන කොල්ලකෑමේ ජාවාරමක් ගෝනහේන පොලීසියේ විශේෂ කාර්‍ය බලකාය විසින් වටලා ඇත.

 

 


එම වැටලීමෙන් අනාවරණය වූයේ කැබ් රථයක පිටුපස සවිකර තිබූ තෙල් ටැංකියකට වාහනවලින් ඉන්ධන පොම්ප කර ඇති බවයි. මෙම වැටලීමේදී ඉන්ධන පිරවූ බවුසරයක් සමග සැකකරුවන් 7 දෙනෙකු සහ තවත් වාහන 5ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගත් වාහන සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා වේයන්ගොඩ පොලීසියට භාර දී ඇත.

views

864 Views

Comments

arrow-up