ඉදිරි මාසයේ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේධය ඩෙල්ටා විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ඉදිරි මාසයේ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේධය ඩෙල්ටා විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි

ඉදිරි මාසයේ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේධය ඩෙල්ටා විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහල යාමත් සමග ඩෙල්ටා ආසාධිතයින්ද ඉහල යමින් ඇත.මෙම නිසා ඉදිරි මාසය තුල මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

 

 

මේ හේතු සැලකිල්ලට ගෙන යළිත් කොරෝනා මර්දන නීති දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩිව අවධානයට ගෙන සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවය.

 

 


දැනට රට තුළ ක්‍රියාත්මක එන්නත් වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්විය හැකි වුවත්, එන්නත් ප්‍රමුඛතාවයන්ට අනුව ලබාදීමේදී ගැටලු තවමත් පවතින බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.

views

947 Views

Comments

arrow-up