ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 තරගයේ පදක්කම් ත්‍රිත්වයම ජැමෙයිකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 තරගයේ පදක්කම් ත්‍රිත්වයම ජැමෙයිකාවට

ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 තරගයේ පදක්කම් ත්‍රිත්වයම ජැමෙයිකාවට

ඊයේ දිනයේදී 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ පදක්කම් ත්‍රිත්වයම දිනා ගැනීමට ජැමෙයිකාව සමත් විය.

 

 


ජැමෙයිකාවේ එලීනා තොම්සන් තත්පර 10.61කින් තරගය අවසන් කර නව ඔලිම්පික් වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගත්තාය.

 

 


තරගය අවසන් කිරීමට තත්පර 10.74ක කාලයක් වාර්තා කරමින් ෂෙලි-ඇන්-ෆ්‍රේසර්-ප්‍රයිස් රිදී පදක්කමද, තත්පර 10.76ක කාලයක් වාර්තා කරමින් ෂෙරිකා ජැක්සන් ලෝකඩ පදක්කමද හිමිකර ගත්හ.

views

936 Views

Comments

arrow-up