නීතිවිරෝධීව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු අත්අඩංගුවට

මංගලූර් පොලීසිය හා තමිල්නාඩු පොලීසිය එක්ව නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු පසුගිය මාසය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
එක් පුද්ගලයෙකු ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණය කිරීමට උත්සාහ කර ඇති අතර මෙම පිරිස පසුගිය මාර්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් ඇත.
අත්අඩංගුවට ගත් ලාංකිකයින් මංගලූර් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සදහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වෙත භාර දී ඇත.
821 Views
Comments